ඔන්න දන්නේම නැතුව මගේ නිවාඩුව ඉවර වෙලා.. මගේ රට ආයිමත් දාලයන්න කාලය ඇවිත් හරියටම තව පැයකින් මගේ ගම අත ඇරලා යන්න වේනවා... ඊලග පැය හතර හමාර තුල මම මගේ රටෙන් ගොඩක් ඇත.. ආයිමත් පරණ එකාකර ජිවිතයට යනවා... මට හිතුනා මගේ මේ නිවාඩුවේ වුනු සිදුවීම් ටික ලියන්න .. ගොඩාක් සතුටු දායක මතකයන් අස්සේ හිත රිදවන ගොඩාක් සිදුවිම්... මිට මාසයකට කලින් ලංකාවට ගොඩ බැස්සේ ගොඩාක් සැනසිලි දායක සිතකින් ... මුල් සතිවල නම් කලේ විනොද වුනු එක තමා... යලුවෝ එක්ක වල් ටුවර්(වල් ටුවර් කිවුවට වල්ම නොවේ හරිද) යන එක තමයි මගේ ජොබ් එක උනේ .... පස්සේ හිතුනා නිකන් ඉනන එකේ වැදගත් දෙයක් කරන්න හිතාගෙන මගේ යාලුවෝ සෙට් එකත් එකක එකතුවේලා කරාපිටිය රොහලේ නෙට්වර්ක් එක හදලා දුන්නා.. සල්ලි අරන් නෙමෙයි නිකන් හරිද(හුදු ආත්ම තෘප්තිය සදහා) මගේ විභාග වගයක් ඉතුරුවෙලා තිබුනා එක ඉවර කරලා දැම්මා . අන්තිම හරියේ තමයි.... ගොඩාක් කට්ට කැවේ මම සහතික ගන්න තමයි ටෙක් එකට ගියේ කවුද දන්නේ ටෙක් එකට ගියාට පස්සේ මගේ සැනසීම නැතිවේයි කියලා(ඒකත් අමුතුම හැගීමක් තමයි) එහෙම එකක් දන්නව නම් ටෙක් එක පැත්තේ යන්නෙත් නෑ එහෙම නොගියා නම් අද මහෙම හිතේ අප්සෙට් එකෙන් යන්නේ නෑ.
මගේ සැනසීම නැතිකල ඒ රුපයට මම හැමදාම ආදරයි.. එක මම ම හිතුවත් නවත්වන්න පුලුවන් දෙයක් නොවෙයි.. ඒයාට තමයි මම අහිංසකී කියලා කියන්නේ... එයා නම් දෙවියන්ගේ පුදුම නිර්මාණයක් තමයි ඔයාලා හිතන්න නම් එපා මම මේ අතිශොක්තියේන් කථා කරනවා කියලා .. සමහර විට අහිංසකී හිතනවා ඇති මම කොහොමද මේවා දන්නේ කියලා ඔයා දිහා මම කෙලින් බලන් හිටපු කාලය එකතුකරොත් විනාඩි 15 විතර වේවි නමුත් මගේ ආදරයෙන් මත් වු හදවතට දැනුනේ අවුරුදු 15ක් වගේ .. අහිංසකී ගැන ආයේ ලියන්න ගියොත් මාර්තුකාවේන් පිටපනින්න වෙනවා
එහෙනම් අහිංසකී මම ගිහිල්ලා එන්නම්, තවම ඔයා පරක්කු නෑ . ඔයා මත්තේම නැහුනට කවදාවත් හිතන්න එපා මම බොලද කොල්ලෙක් කියලා. මම ඔයාට හැමදාම ආදරයි එකනම් සදා වෙනස් වෙන එකක් නෑ ...
මම මගේ ඩුබායි මොබයිල් නම්බර් එක ඔයාට ෆෙස්බුක් එකෙන් යවන්නම් ඔයාට මොකක් හරි දැනුනා නම් මට sms එකක් දාන්න මම බලාගෙන ඉන්නවා
තව කල් තියනවා හිතන්න ....
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත් සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බිංදු මල් වැහි අරන්
සද මිතුරී සිත මිහිරී කල මැනවි
බිදු කදුලු පිනි පොකුරු කල මැනවි
මට මම ම වි ඉන්න ලොකෙන් ඉඩක් නොදෙන
ඇතටම වෙලා අපිම අපි වී ඉන්න
නව ලොවට ලංවන්න
මිල නොවෙන පෙම් කවිය පබදින්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සගවා කිරනින් දැවෙනා
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත් සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බිංදු මල් වැහි අරන්
සද මිතුරී සිත මිහිරී කල මැනවි
බිදු කදුලු පිනි පොකුරු කල මැනවි
මා ඉතින් යන්න යනවා........ මට යන්න අවසරයි.............
Posted by
මුටා
Monday, March 15, 2010
Labels: පුද්ගලික
7 comments:
සුභ ගමන්...... කරදරයක් නැතුව යන්න, හීන සැබෑ වෙන්න කියලා සමනලී ප්රාර්තනා කරන්නම්.... :-)
ඉතින් යන්න අවසරයි මගේ ම්තුරේ. තව නොබෝ දිනකින් ඵතෙරදී හමුවෙන තුරා පතන්නමි නුඹට සුභ ගමන්. මේ ජීවන ගමන පුරා අපි සිතන දේ නොලැබුනත් අපිට කියා ලැබෙන දෙයින් සෑහීමට පත්වෙමු. ඵේත් අපේ උත්සාහය තියෙනවා නම් ඵ් ඹිනෑම දෙයක් අපිට ලබා ගන්න පුලුවන්. මමත් ඉත සිතින් ප්රාර්තනය කරනවා අහින්සකීව ලැබෙන්න කියලා...
--------------------------------------------------------------------------------------------
දිවුරාල පවසන්න මට ආදරේ නම්
මගේ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයි සොඳුරෙ මා මියන දා කල්
ඔබමයි මගේ සෙනෙහෙ, නෑ දෙන්නෙ කාටත්
හිරු මල් දෑතෙ සඟවා
වලා රොදක නැගිලා
සත් සමුදුරම කළඹාල ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ
රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ
සියුමැලි ඇඟිලි තුඩු හදට තදකොට තබාලා
ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
නිදියන්න මගෙ මැණික මට තුරුළු වීලා
හිරු මල් දෑතෙ සඟවා
වලා රොදක නැගිලා
සත් සමුදුරම කළඹාල ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ
රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ.
සුභ ගමන් !!!!!!! දකින හීනේ හැබෑවෙන්න කියල ප්රාර්තනා කරනවා
සුභ ගමන් මිතුරේ.. ඹබ මා හමුවන මේ ඉර හද යට යලි කවදා හෝ හමු වෙවි............ ඔබට අහින්සකීව ලැබේවා.......................................
අහිංසකී නම් ඔය දන්නවට වඩා ගොඩක් අහිංසකයි.. අවුරුදු 14ක අත්දැකීමෙන් කියන්නෙ.. ඒත් ඉතින් ඒ අහිංසකී නිසා දුකින් රටෙන් පිට උනා කියනෙක අහන්න නම් දුකයි...
ඒකියන්නේ ෆේස්බුක් එකෙන් හොයාගෙනනේ. :D ඔහොමයං ඔහොම යං. අපි ආයිම යනවා 18 වෙනිදා කොලේජ් එක පැත්තේ.
etisalat එකක් ගනිං ඩුබායි රජාගේ එව්ව ගන්නැතිව lol
පරිස්සමිං ඉදහං. ගුඩ් ලක්
good luck dear friend
Post a Comment