සුබ උපන්දිනයක් වේවා මගේ අහිංසකී.............





මට සමාවෙන්න අහිංසකී.. මට ඔයාට උපන්දිනයට සුබ පතන්න බැරි වුනා. ඒ මොකද දන්නවද මම මේ දවස්වල දුපතක වැඩ කරන්නේ.. ඒ විතරක් නොවේයි. ගොඩාක් වැඩ ගොඩ ගැහිලා.. ඔන්න මම ඔයාට සුබ පතනවා තනියම නොවෙයි.. සිංහල බ්ලොග් කියවන ලියන හැමොම එකතුකරගෙන එහෙනම් කියවන හැමොම මගේ අහිංසකී ගොඩාක් සතුටින් ඉන්න ඔනේ කියලා ප්‍රර්ථනා කරන්න ඔනේ... නැවතත් කියන්නම් මම ඔයාට ගොඩාක් ආදරෙයි සතුටින් ඉන්න

අහිංසකීට ආදරෙන්

අහිංසකීට ලියන වග නම් ඔයා මගේ හිත ගොඩාක් රිද්දුවා... එත් මම ඔයා එක්ක තරහා නෑ.. ඔයා දන්නවද මම අබු දාබි ආවට පස්සේ එක සැරයක් වත් ගෙදරට phone කරේ නෑ නමුත් පුලුවන් හැම විටම මම ඔයාට sms එකක් යැවුවා... මොකද මට ගොඩක් වැඩ තියනවා ලබන මාසේ 10ට කලින් මට බාර දිපු සයිට් ටික ඉවර කරන්න ඔනේ.. සමහර දවස්වලට මම දවල්ට කන්නේ නෑ වැඩ අස්සේ හිරවෙලා. සමහර දවස්වලට කාමරයට එන්න රෑ එක විතර වෙනවා... මම ඔයාට කොල් කරා ඔයා පිළිතුරු දෙන්නේ නෑ. .. මට ඇත්තටම දුකයි.. මොකද දන්නවද මම ඔයාට කොච්චර ආදරේ කියලා ඔයා නොදන්න එක ගැන....


කිලෝමිටර් දහස්ගානක් ඇවිල්ලත් මට ඔයාව අමතක කරන්න බෑ.. එක තමයි මම හිතන විදියට ආදරය.................

ඔයා දන්නවද එයාපොර්ට් එකට ආපු වෙලාවේ මට ගොඩාක්ම දුක හිතුනේ ඔයා ගැන මතක් වෙලා තමයි..මම දන්නේ නෑ මිට එහා ඔයාට මම මෙක කොහොම පැහැදිලි කරන්නද කියලා..

මම ඔයාත් එක්ක තරහ නෑ මාව තෙරුම් ගන්න අහිංසකී

නැවතත් වැලිකතරට............................................

ඔන්න මම නැවත් සුපුරුදු රාජකාරියේ.. මම අබුදාබි වලට ගොඩ බැස්ස එක ...නිකන් පරංගියා කොට්ටේ ගියාවගේ මාර ආතල් කට්ටක් කාගෙන තමයි ඔන්න එහෙනම් අහගන්න මුටා අබුදාබි වලට ගොඩ බැස්ස කතාව මට ලංකාවෙන් පිටත් වෙන්න තිබුනේ 9.30ට කටාර් එයාවේස් එකින්... මාව එක්කන් ආපු වැන් අංකල්ගේ තදියමට මිනිහා මාව 2.00ට ගාල්ලෙන් අරගෙන ආවා මෙන්න බොලේ අපි 5.20ට එයාර්පොර්ට් එකේ... මොනවා කරන්නද කෙලින්ම පාර්කින් එකට දාලා මිනිහා නිදාගත්තා මම මොනවා කරන්නද මම මගේ සුපුරුදු හිතවතා අවදිකලා(ලැප්ටොප් එක හරිද වැරදියට හිතන්න එපා) මෙන්න බොලේ මම ලැප්ටොප් එක ඔන් කරගෙන ගත්තා විතරයි ඒතන හිටපු කට්ටිය(නිළ ඇදුම් ඇදගත්ත කට්ටිය) මගේ ගාවට ලංවුනා ඒගොල්ලො හිතුවද දන්නේ නෑ මම කොටියෙක් කියලා(හිකිස් )මමත් ගනන් ගන්නේ නැතුව මගේ වැඩේ කරගෙන හිටියා.. පොඩ්ඩ්ක් මගේ දිහා බලලා ඒගොල්ලන්ටම එපාවේලා මගේ ගාවින් ඈත් වුනා...

ටික වෙලාවකින්(6.45ට) ඔන්න එයාපොර්ට එකේ කොහමහරි හරිකට්ටක් කාගෙන ගුවන් යානයට ගොඩවුනා .. හොද කැලිටිකක් තමයි අපිව පිලිගත්තේ වැරදිකියන්න බෑ අපිටනම් හොදින් සැලකුවා.. පැය 5.30 පස්සේ දොහා වලට බැස්සුවා... මට අබු දාබි වලට ෆ්ලයිට් එක තිබුනේ 5.30 කොහොමහරි පු‍ටුවක් රත් කරගෙන හිටිය හිටියා..බලනකොට flight එක විනාඩි 45 පරක්කුයිලු...මොනවා කරන්නද බොහොම අමාරුවෙන් 8.30 විතර ගොඩබැස්සා.. විසා එක ගන්න ගියාම මගේ විසා එක කවුන්ටරේ නෑ ... විසා නැතුව පැය දෙකක් බලාගෙන හිටියා..


කොහොම හරි විසා එක ලැබුනා කියමුකෝ ... මගේ බැග් ටික full check කරා... ඊට පස්සේ මගේ ලැප්ටොප් බැග් එක ... check කරපු රේගු කාරයා මගෙන් අහනවා උඹ ගාව සොෆ්ට්වෙයා cd තියනවද කියලා මම නෑ කියලා කිවුවම මගේ ලැප්ටොප් එක බැලුවා බොහොම අමාරුවෙන් තමයි හිරේ වැටෙන්න නැතුව බෙරුනේ ...(හිකිස්)

මා ඉතින් යන්න යනවා........ මට යන්න අවසරයි.............


ඔන්න දන්නේම නැතුව මගේ නිවාඩුව ඉවර වෙලා.. මගේ රට ආයිමත් දාලයන්න කාලය ඇවිත් හරියටම තව පැයකින් මගේ ගම අත ඇරලා යන්න වේනවා... ඊලග පැය හතර හමාර තුල මම මගේ රටෙන් ගොඩක් ඇත.. ආයිමත් පරණ එකාකර ජිවිතයට යනවා... මට හිතුනා මගේ මේ නිවාඩුවේ වුනු සිදුවීම් ටික ලියන්න .. ගොඩාක් සතු‍ටු දායක මතකයන් අස්සේ හිත රිදවන ගොඩාක් සිදුවිම්... මිට මාසයකට කලින් ලංකාවට ගොඩ බැස්සේ ගොඩාක් සැනසිලි දායක සිතකින් ... මුල් සතිවල නම් කලේ විනොද වුනු එක තමා... යලුවෝ එක්ක වල් ‍ටුවර්(වල් ‍ටුවර් කිවුවට වල්ම නොවේ හරිද) යන එක තමයි මගේ ජොබ් එක උනේ .... පස්සේ හිතුනා නිකන් ඉනන එකේ වැදගත් දෙයක් කරන්න හිතාගෙන මගේ යාලුවෝ සෙට් එකත් එකක එකතුවේලා කරාපිටිය රොහලේ නෙට්වර්ක් එක හදලා දුන්නා.. සල්ලි අරන් නෙමෙයි නිකන් හරිද(හුදු ආත්ම තෘප්තිය සදහා) මගේ විභාග වගයක් ඉතුරුවෙලා තිබුනා එක ඉවර කරලා දැම්මා . අන්තිම හරියේ තමයි.... ගොඩාක් කට්ට කැවේ මම සහතික ගන්න තමයි ටෙක් එකට ගියේ කවුද දන්නේ ටෙක් එකට ගියාට පස්සේ මගේ සැනසීම නැතිවේයි කියලා(ඒකත් අමුතුම හැගීමක් තමයි) එහෙම එකක් දන්නව නම් ටෙක් එක පැත්තේ යන්නෙත් නෑ එහෙම නොගියා නම් අද මහෙම හිතේ අප්සෙට් එකෙන් යන්නේ නෑ.


මගේ සැනසීම නැතිකල ඒ රුපයට මම හැමදාම ආදරයි.. එක මම ම හිතුවත් නවත්වන්න පුලුවන් දෙයක් නොවෙයි.. ඒයාට තමයි මම අහිංසකී කියලා කියන්නේ... එයා නම් දෙවියන්ගේ පුදුම නිර්මාණයක් තමයි ඔයාලා හිතන්න නම් එපා මම මේ අතිශොක්තියේන් කථා කරනවා කියලා .. සමහර විට අහිංසකී හිතනවා ඇති මම කොහොමද මේවා දන්නේ කියලා ඔයා දිහා මම කෙලින් බලන් හිටපු කාලය එකතුකරොත් විනාඩි 15 විතර වේවි නමුත් මගේ ආදරයෙන් මත් වු හදවතට දැනුනේ අවුරුදු 15ක් වගේ .. අහිංසකී ගැන ආයේ ලියන්න ගියොත් මාර්තුකාවේන් පිටපනින්න වෙනවා


එහෙනම් අහිංසකී මම ගිහිල්ලා එන්නම්, තවම ඔයා පරක්කු නෑ . ඔයා මත්තේම නැහුනට කවදාවත් හිතන්න එපා මම බොලද කොල්ලෙක් කියලා. මම ඔයාට හැමදාම ආදරයි එකනම් සදා වෙනස් වෙන එකක් නෑ ...
මම මගේ ඩුබායි මොබයිල් නම්බර් එක ඔයාට ෆෙස්බුක් එකෙන් යවන්නම් ඔයාට මොකක් හරි දැනුනා නම් මට sms එකක් දාන්න මම බලාගෙන ඉන්නවා
තව කල් තියනවා හිතන්න ....

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත් සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බිංදු මල් වැහි අරන්
සද මිතුරී සිත මිහිරී කල මැනවි
බිදු කදුලු පිනි පොකුරු කල මැනවි

මට මම ම වි ඉන්න ලොකෙන් ඉඩක් නොදෙන
ඇතටම වෙලා අපිම අපි වී ඉන්න
නව ලොවට ලංවන්න
මිල නොවෙන පෙම් කවිය පබදින්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සගවා කිරනින් දැවෙනා

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත් සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බිංදු මල් වැහි අරන්
සද මිතුරී සිත මිහිරී කල මැනවි
බිදු කදුලු පිනි පොකුරු කල මැනවි

google.co.uk සහ google.lk අතර වෙනස උදාහරණයකින්

කට්ටිය දන්නවද google.lk සහ google.co.uk අතර තියන වෙනස.. මම මෙක දැකපු වෙලාවේ ඇග කිලිපොලා ගියා .. ඔයාලට විස්වාස නැත්නම් ප්‍රායොගිකව කරලම බලන්න කෝ



මේ උඩින් තියෙන්නේ google uk එකේ ප්‍රතිපලය




මේ තියෙන්නේ google.lk එකේ ප්‍රතිපලය
මෙක දැක්කම හිතන දේ ප්‍රතිචාරයක් විදියට දාලම යන්නකෝ...




උපුටා ගැනිම මට ආපු email ලිපියක් ඇසුරිනි..

සිහිනෙන් දු‍ටු රුව .. සැබවින්ම සිහිනයක් පමණක් විය........



අද නම් මම ගොඩක් දුකින් ඉන්නේ......... මම දන්නේ නෑ මගේ අහිංසකී ආදරය ලැබෙන එකක් නෑ.. මම අද පංතියට ගියා , ගියේ නම් එයාව බලන්නත් එකක් තමයි. මට එවෙලාවේ නම් හිතුනේ නෑ .. මිට පස්සේ එයාව බලන්න යන්න වෙන එකක් නෑ කියලා.. මට හිතා ගන්න බෑ මොකද්ද කරන්නේ කියලා . මම කියන්නම්කෝ ඇත්තටම මොකද උනේ කියලා........ එයා මට ආදරේ නෑ........... මම හිතනවා එයා මට ආදරය කරන්නේ නැත් නම් මම මොකටද එයාට කරදර කරන්නේ කියලා..මම එයාට ඇත්තටම ආදරේ කරා මම කවදාවත් එයාට කරදරයක් වේන්නේ නෑ... අනික අහිංසකී මම ඔයාට කිවුවේ මට ආදරය කරන්න නෙවේයි.. ඔයා මට කැමති නම් මට කියන්න මම ඔයාගේ දෙමාපියන් ගෙන් ඇවිල්ලා අහන්නම් කියලා.. ඔයා මට කැමති නෑනේ ඔයාගේත් වරදක් නෑ මොකද මම ෂාරුක් කාන් නෙමේයි නේ එක සැරේට පැනලා කැමති වේන්න... අනික අහිංසකී මම දන්නේ නෑ කොහොමද ආදරය කියන්න ඔනේ කියලා මොකද මම මිට කලින් ආදරය කරලා නෑනේ ... සමහර විට මම ආදරය කියපු විදිය හරි නැතිව ඇති...

තව ටිකකින් වැදගත් දෙයක් අමතක වේනවා............. අහිංසකී . මගේ අතින් ඔයාට මොන යම් හෝ ආකාරය වැරද්දක් සිදු වුනා නම් මම ඔන්න ඔයාගේන් සමාව ඉල්ලනවා මගේ මුලු හදවතින්ම (මට සමාවේන්න අහිංසකී)
මම තිරණය කරා ඉක්මනටම රට යන්න බොහෝ විට මම මේ ඉරිදා මේහෙන් යන්න හිතා ගෙන ඉන්නවා...

මගේ ජිවිතය තුල ගොඩක් පරාජයන් ... ගොඩක් හිත් වේදනා ඇති වේලා තියනවා එවට මම කොහොම හරි මුහුණ දුන්නා ..මේකට මට මුහුණ පුලුවන් මට හිතන විදියට ලොකයේ තියන ගෞරවනීය පරාජය තමයි ආදරයෙන් පරාද වීම..(හිකිස් මට හිතන විදියට හොදද)

අන්තිමට එක වචනයක් වත් මගේ යාලුවෝ ගැන නොලිවුවොතින් එක ලොකු අඩුවක් වේවි
යලුවොනේ ඔයාලා දුන්න උදවු වලට බොහොම ස්තුති... ඔයාලා වගේ යාලුවෝ හම්බවෙන්න පින් කරලා තියෙන්න ඔනේ මං වෙනුවෙන් කරපු හැම දේටම මම නැවතත් ස්තුතී කරනවා .. අපේ යාලුකම හැමදාම තියෙන්න ඔනේ ..

මගේ බ්ලොග් එක කියවලා මට සුබ පතලා comments දාපු හැමෝටම බොහොම ස්තුතී..... මිට පස්සේ මගේ බ්ලොග් එකේ ආදර ගැන නම් ලියවේන එකක් නෑ නමුත් මගේ ජිවිත කතාව නම් ලියනවා............. හා හා
අහිංසකීගෙන් මම හරිම අහිංසක විදියට සමුදෙනවා ඔයා කොහේ හිටියත් හොදින් ඉන්න තව එකක් මම ඔයත් එක්ක තරහා නෑ

අද නම් ගොඩාක් අප්සෙට් එකෙන් ලියුවේ ගොඩාක් වැරදි ඇති සමාවේන්න





ඇරඹුම කදුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර නැති නිසා
අවසානයට පෙර ඈ ගියා ....
දුක්බර කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා
අරුත පබදින්නට මට කියා
අවසානයට පෙර ඈ ගියා.........
ශෝකාන්තය එන තුරා
එහි ‍රැදෙන්නට සිත් නැති නිසා
අනන්තය ලග මා තියා
අවසානයට පෙර ඈ ගියා............

අහිංසක කම පිරුණු නුබේ හිත පුදුම හැඩතල ගොඩක් .........

මට අරංචියක් ආවා.. මගේ බ්ලොග් එක මගේ පුංචි අහිංසකීත් කියවනවා කියලා ඒ හිනදා මම හිතුවා .කාලිදාසගේ වලාකුලුවලට දූත කාර්ය පැවරුවා වගේ මගේ දූත කාර්ය මගේ බ්ලොග් එකට පවරන්න.... මගේ බ්ලොග් එක තමයි.. ලොකේ පලමු බ්ලොග් දූතයා වේන්නේ..(හික්ස්)
මම දන්නවා අහිංසකී ඔයාගේ යාලුවා එක්ක චැට් කරද්දි ඔයා එයාගාව තමයි හිටියේ කියලා අනික අහිංසකී ඔයාට මම ගොඩක් Love කරනවා.. ඔයා මට කැමතිනම් ඒ කියන්නේ මාව බදින්න කැමතිනම්... මට කියන්න අපි බදිමු.......... අනිත් එක ඔයා මට කැමති කියලා කිවුවෝතින් නම් අනිවාර්යෙන්ම මම ඔයාගේ දෙමාපියන් ගෙන් ඇවිත් අහනවා.. මම එක ඔයාට පොරොන්දුවේනවා

මම හිතුවා මගේ නිවඩු තව ටිකක් වැඩිකරගන්න ... එතකොට මට පුලුවන් ඔයත් එක්ක තව ටික කාලයක් ඉන්න.... ඔයා මොකද්ද හිතන්නේ.......

අහිංසක කම පිරුණු නුබේ හිත
පුදුම හැඩතල ගොඩක්
කියා දෙන්නකො කොහෙන් ගත්තද
මෙවැනි සුන්දර හිතක්

දන්නේ නෑ මම , දැනිලා නෑ මට
මේ තරම් සුන්දර දෙයක්
කියා දෙන්නකො ලගින් ඉදගෙන
ආදරේ ගැන තවත්

තරහ නෑ මම, කමක් නෑ මට
කාසි රන් වනු නැතත්
අරන් එන්නකො මගේ ගෙපැලට
හිනාවෙන මල් මිටක්.......................

සිහිනෙන් දු‍ටු රුව සැබැවින් දු‍ටුවේමි...... ඒ රුව අහිංසකී.................

ඔනන අද මට හිතුනා මගේ සිහිනෙන් දු‍ටු රුව ගැන පොඩිවිස්තරයක් ලියන්න ..එයාට මම අහිංසකී.. කියලා කතාකරන්න කැමති.. ඔන්න මම අහිංසකී ගැන කියන්නම් අහගන්න කෝ... එයා ලස්සනයි තමයි.. ඊට වඩා එයාගේ රුපය තුල අහිංසක චාම් ලස්සනක් තියනවා කියලා මම හිතනවා.. අනිත් එක එයා හුරුබුහුටි ... එයාගේ හැසිරීම් රටාව එයාටම ආවේනික එකක් කියලා තමා මටන්ම් හිතෙන්නේ {අනේ මංදා}


අනික අහිංසකී තුල ජිවත් වේන්නේ පොඩි ලමයෙක් කියලා කිවුවත් එකත් වැරදි නෑ{මේ මම හිතන විදිය හොද ද:}මම අහිංසකීට ආදරය කරන්න හේතුවත් මේ වද දන්නේ නෑ? මොකද කැමති නැත්නම් ගොඩක් හේතු පෙන්වන්න පුලුවන් නමුත් හිත ගිය කෙල්ල කැමති වුනේ එයාගේ මේ ගතිගුණ නිසා කියලා කියන්න පුලුවන් ... නමුත් මම අහිංසකීට කරන ආදරයට හේතු පේන්නන්න නම් බැහැ... පොඩි දෙයක් ගැන කියන්න අමතක වුනා මේක පොඩි වුනාට එක විශේෂයි.. කට්ටිය බලනවා ඇති ඒ මොකද්ද කියලා ... එක තමයි එයාගේ ඇස් දෙක.. එක ගැන නම් කියන්න වචන නෑ... එක එයාට දෙවියන් දිපු තෑග්ගක් කියලා තමා මට හිතෙන්නේ.. කවදා හරි මගේ බ්ලොග් එක එයා කියෙවුවෝත් මොනවා හිතයිද කියලා මට හිතාගන්න අමාරුයි... අදට නවතින්නම්



සිල්ගත්තු හද වාගේ ....................
හුස්මකට ඉඩ නෑ නේ
තනි හිත හති අරින හැන්දැවේ.......... මල් බර හිනයද මේ සුලි සුලග වගේ එන්නේ............................

අහිංසකී මටම ලැබේවා කියා හැමෝම ප්‍රර්ථනා කරගන්න......................

අදට නවතින්නම්

ඔබයි නෙතු සැදූයේ හේමන්ත කාලේ

ඔන්න අදත් ගියා ටෙක් එකට අදනම් ගියේ කොහොමහරි මගේ ආදරය කියන්න හිතාගෙන එත් අදත් මම අසාර්ථකයි. දැන් කියන්නම්කෝ මොකද උනේ කියලා... අද උදෙන්ම නැගිටලා පැයක් විතර මුහුණ හොදලා .. තියල හොද ඇදුමකුත් දාගෙන .මගේ යාලුවත් එකක් පිටත් වුනා ටෙක් එකට කෙලින්ම ගියේ පංතියට .. ඔනන පංතිය හරියට ලංවෙනකොට මට දැනුනා මගේ පුරුෂ ශක්තිය හිනවේගන යන බව මට තෙරුනා කරන්න දෙයක් නෑ තියන ශක්තිය එකතුකරගෙන කෙලින්ම පංතිය ඇතුලට රිංගුවා .. ඔන්න එයා මුල්ම පෙලියේ වාඩිවෙලා හිටියා. මම සර්ගේ ඉස්සරහ පැත්තෙන් වාඩිඋනා මට එයාගේ මුහුණ දිහා බලන්න බැහැ... මොකද දන්නවද? එයාගේ මුහුණ දිහා කෙලින් බලනකොට වොට් 33000 වදිනවා වගේ(මෙක අතිශොක්තියක් නොවේ මට ඇතිවන හැගිමයි මේ) මම ගොඩාක්ම කැමති එයාගේ අහිංසක කමට එයා හරිම අහිංසකයි... ඔනන මමත් හෙමිහිට එයා දිහා බලනවා (හෙමිහිට කිවුවේ හොරෙන් හොදේ) මම මාත් එකක් ගියපු යාලුවට කියලා තිබුනා එයා මං දිහා බලනවද කියලා පොඩ්ඩක් බලන්න කියලා... යාලුවා නම් කිවුවේ වැඩේ හරි කියලා බලමු මොකද වෙන්නේ කියලා නමුත් එයාට කියන්න තරම් මට අද ශක්තියක් තිබුනේ නෑ. ඒත් මට එයාව අද දැක ගන්න ලැබුනා එක ලොකු ජයක්ග්‍රහණයක්.. .. කෙලින්ම මම එයාට කියලා එයා බෑ කියලා කිවුවොත්....... මගේ ලොකුම කේස් එක? මට එයා ආදරය කරයිද කියලා මම දන්නේ නෑ නමුත් මම නම් එයාට හැමදාම ආදරය කරයි..................


මට තිබ්බ දවස් 7න් අද එකක් ඉවරයි....................................

වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ දී
වසන්තේ ළපල්ලෙන් වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේ දී

විලාපෙන් විඩා වී ‍රැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුළාවේ
වලාවක් ලෙසින් මා ඇදෙත් දී අයාලේ
ඔබෙන් නෙතු ලැබූයේ හේමන්ත කාලේ

සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙතු සැදූයේ හේමන්ත කාලේ

- නන්දා මාලිනී

පිළිවලකට ලියාගන්න බැරිවුනා සමාවේන්න

මගේ සිහිනෙන් ඇදි රුව සැබැවින් දු‍ටුවේමි..................

අද මගේ ජිවිතයට අලුත් අර්ථයක් ලැබුනා..... කට්ටිය හිතනවා ඇති මේ කොහොමද එක වුනේ කියලා . අද මම ගියා ගාල්ලේ ටෙක් එකට මගේ පරණ සහතික ටික ගන්න .මම ගියේ තනියම නෙමෙයි මගේ සෙට් එකත් එක්ක ලබන සතියේ ආයිමත් රට යන්න ඔනේ හින්දා.. කාර්යාලයට ගිහිල්ලා බැලුවම සහතික නිකුත් කරන මිස් එතන හිටියේ නෑ.යාලුවෙක් යෝජනා කරා කැන්ටිමට ගිහින් ප්ලේන්ටි පාරක් දාන්න . ඉතින් කට්ටියම කැන්ටිමට ගිහින් ප්ලේන්ටි පාරකුත් ගහලා ගියා අපේ පංතිය බාරව හිටපු සර්ව බලන්න පංතියට ගියා.. අපේ වෙලාවට සර් පංතියේ හිටියේ නැහැ. පංතිය ඇතුලේ හිටියා අලුත් සෙට් එක.. එතන හිටියා මගේ හිතේ ඇදිලා තිබුනු රුපය................

තප්පර කිහිපයකට කොහේද ඉන්නේ කියන එකත් අමතකවෙලා ගියා එයා දිහාම බලාගෙන හිටියා. එයාට ඒක තෙරුනා එයත් මං දිහා බලලා හිනා උනා.. ඒ හිනාව වෙනුවෙන් මේලෝකයේ මට කරන්න බැරි දෙයක් නැ. කට්ටියම පංතිය ඇතුලට ගිහිල්ලා අලුත් සෙට් එකත් එකක චැට් එකට සෙට් උනා මම නම් කරේ computer එක බලනවා වගේ එයා දිහා බලාගෙන හිටපුඑක මම හිතාගත්තා එයාව කොහොම හරිමගේ කරගන්නවා කියලා, ඒ වෙලාවේම සර් ආවා ... අපේ සෙට් එක සර්ව හම්බවේලා ආයිමත් කාර්යාලයට ගිහින් සහතික අරගෙන ටෙක් එකෙන් එලියට බැස්සා.........මගේ අදහස එයාට කියාගන්න බැරිවුනා... මට මාර අප්සෙට් එක ....දැන් කොහොම හරිගේමක් දිලා එයාව හම්බවේන්න බලන්න ඔනේ........ මගේ ආදරය එයාට කියන්න ඔනේ... මටතියෙන්නේ දවස් හතක් විතරයි.......... අහෝ දෙවියනි මට උදවුකරන්න...................

සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඔයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි
මගේ ආදරි නුඔයි…..

පිලිවෙලකට ලියාගන්න බැරි උනා සමාවෙන්න ...................

මගේ සිහිනෙන් ඇදි රුව සැබැවින් දු‍ටුවේමි..................

අද මගේ ජිවිතයට අලුත් අර්ථයක් ලැබුනා..... කට්ටිය හිතනවා ඇති මේ කොහොමද එක වුනේ කියලා . අද මම ගියා ගාල්ලේ ටෙක් එකට මගේ පරණ සහතික ටික ගන්න .මම ගියේ තනියම නෙමෙයි මගේ සෙට් එකත් එක්ක ලබන සතියේ ආයිමත් රට යන්න ඔනේ හින්දා.. කාර්යාලයට ගිහිල්ලා බැලුවම සහතික නිකුත් කරන මිස් එතන හිටියේ නෑ.යාලුවෙක් යෝජනා කරා කැන්ටිමට ගිහින් ප්ලේන්ටි පාරක් දාන්න . ඉතින් කට්ටියම කැන්ටිමට ගිහින් ප්ලේන්ටි පාරකුත් ගහලා ගියා අපේ පංතිය බාරව හිටපු සර්ව බලන්න පංතියට ගියා.. අපේ වෙලාවට සර් පංතියේ හිටියේ නැහැ. පංතිය ඇතුලේ හිටියා අලුත් සෙට් එක.. එතන හිටියා මගේ හිතේ ඇදිලා තිබුනු රුපය................

තප්පර කිහිපයකට කොහේද ඉන්නේ කියන එකත් අමතකවෙලා ගියා එයා දිහාම බලාගෙන හිටියා. එයාට ඒක තෙරුනා එයත් මං දිහා බලලා හිනා උනා.. ඒ හිනාව වෙනුවෙන් මේලෝකයේ මට කරන්න බැරි දෙයක් නැ. කට්ටියම පංතිය ඇතුලට ගිහිල්ලා අලුත් සෙට් එකත් එකක චැට් එකට සෙට් උනා මම නම් කරේ computer එක බලනවා වගේ එයා දිහා බලාගෙන හිටපුඑක මම හිතාගත්තා එයාව කොහොම හරිමගේ කරගන්නවා කියලා, ඒ වෙලාවේම සර් ආවා ... අපේ සෙට් එක සර්ව හම්බවේලා ආයිමත් කාර්යාලයට ගිහින් සහතික අරගෙන ටෙක් එකෙන් එලියට බැස්සා.........මගේ අදහස එයාට කියාගන්න බැරිවුනා... මට මාර අප්සෙට් එක ....දැන් කොහොම හරිගේමක් දිලා එයාව හම්බවේන්න බලන්න ඔනේ........ මගේ ආදරය එයාට කියන්න ඔනේ... මටතියෙන්නේ දවස් හතක් විතරයි.......... අහෝ දෙවියනි මට උදවුකරන්න...................

සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඔයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි
මගේ ආදරි නුඔයි…..

පිලිවෙලකට ලියාගන්න බැරි උනා සමාවෙන්න ...................

මම ගැන

මම කවුදැයි තවම සොයමි