අබු දාබියේ පැවත්වූ අවුරුදු උත්සවය ගුටි කෙලියෙන් නිමා විය..

මම අබුදාබියට ඇවිල්ලා දැන් අවුරුදු 2 කටත් ලගයි. කියන්න දුකයි අබුදාබියේ තිබුනු අපේ හැම සංගීත ප්‍රසංගයක්ම ඉවර කරන්නේ CID එකෙන් හැමදාම මොකක් හරි වලියක්. කවදාවත් හරියට ඉවර කරපු සංගිත ප්‍රසංගයක් තිබිලා නෑ. 29 වෙනිදා තිබුනා අපේ අවුරුදු උත්සවය. අපිට අවසර තිබුනා රෑ එක වෙනකන් ප්‍රසංගය පවත්වන්න. නමුත් ගුටි කෙලියක් ගියපු හින්දා 11හටම නවත්වන්න සිද්ද වුනා. CID එකෙන් ඇවිල්ලා කිවුවා විනාඩි 5කින් ඔක්කොම කට්ටිය පිට වෙලා යන්න විනාඩි 5කින් විදුලිය කපා හරිනවා කියලා. අන්තිමට ජාතික ගීයවත් ගායනා කරන්න බැරිවුනා. හරිම කනගා‍ටුයි..

මෙහෙම දිගටම සිද්ද වුනොතින් අපිට කවදාවත් අපේ ප්‍රසංගයක් තියෙන්න බැරි වේවි. අනේ මංදා. මොකටද ගහ ගන්නේ කියලා හොයලා බැලුවොත් . අනිවාර්යෙන් කෙල්ලෙක් සම්බන්දයි.. සොරි සොරි කෙල්ලෙක් නම් කමක් නෑ මුන් ගහ ගන්නේ 40 පැනපු ඇන්ටිලාට නැත් නම් 60 පැනපු ආච්චිලාට. ඔය ඇන්ටිලා අච්චිලා මේහේ ඉන්න හැටි හරිම මාන්දමිකයි. ලංකාවේ කෙල්ලො තියා ඇමරිකාවේ ඉන්න කෙල්ලොත් පරාදයි. අදින්නේ හැම දෙයක්ම පෙන්න . කන්නේ KFC ලිෆ්ටික් , ස්න්ග්ලාස් නැතුව පාරට යන්නේ නෑ. කොල්ලො අනිවාර්යෙන්ම 5ක් විතර ඉන්නවා. ඔන්න ඇත්ත තත්වය.

ඔය ඇන්ටිලා, ආච්චිලා වෙනුවෙන් ගහගන්න අයට මට කියන්න තියෙන්නේ, ඉක්මනටම ලංකාවට පලයන් කාසදයක් කරගනින් කියන එක තමයි.

2 comments:

Anonymous May 1, 2011 at 9:54 AM  

මමත් හිටියියා ඔය කියන කොට හරියට හරි ඔකතමා හෙතුව

එක නෙමෙ මමත් මල්ලි කියන නගරෙ තමා හෑදුනෙ

Anonymous May 1, 2011 at 11:55 PM  

ammapaaaa 1000000% aththa..mama inneth Gulf mehe inna genu hithagena inne 18 kalla kiyala..thuk nodakin

Post a Comment