අවුරුදකුත් ගියා

අද මට ගොඩාක් විශේෂ දවසක්... අදට හරියට අවුරුද්දක් වෙනවා මගේ රට,මගේ පවුල, මගේ අහිංසක කෙල්ල, මගේ ආදරණීය හැම බැදීමක්ම දාලා ඇවිල්ලා, මේ වසරක කාලය තුල ජිවිතය ගැන ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා, තාක්ෂණය ගැනත් ගොඩාක් ඉගෙන ගත්තා. නමුත් මට හිතෙන්නේ ජිවිතය ගැන ඉගෙන ගත්ත දෙවල් හැම දෙටම වඩා වටිනවා කියලා. මට ගොඩාක් යලුවෝ හම්බවුනා. සමහරු පස්පොර්ට් යලුවෝ, සමහරු නියම යාලුවෝ, සමහරු යාලුවෝ වගේ ඉන්න මලුවෝ.. හරිම පුදුමයි. යාලුවෝ කියන සම්පුර්ණ කුලකය ඇතුලේ ඉන්න උපකුලක ගනනාවක්ම මගේ ජිවිතය තුල හම්බ වෙලා ඉවරයි.. තව හදුනා නොගත් යාලු ප්‍රබෙද කියක් තියනවද කියලා මම දන්නේ නෑ


ගොඩාක්ම යලුවෝ ගැන කතා කරන්න සිදු වුනේ.. මේ ජිවිතය තුල මගේ හොදට වඩා.. මගේ ජිවිතය පල්ලෙහටම තල්ලු කරලා දාන්න යලුවෙක් උත්සහ කල නිසා(හොද යාලුවෙක් නේ) මම එයාට කියන්න කැමති තාමත් මම ඔයාගේ හොද යාලුවෙක් කියලා. මම කැමති එයා ස්තුතී කරන්න (මචං උඔට ස්තුතී කරපු හැම දේටම)


මට ආසයි මේ කානතර ජිවිතයට විරාමයක් දීලා .. ලංකාවේ මගේ ගෙදරට වෙලා ටිකක් විවේක ගන්න. පොඩ්ඩක් වැඩි පුර නිදාගන්න, අම්මාගේ අතින් හදපු කෑම ටිකක් කන්න. කො‍ටු පවුරට වෙලා ඉර බහින එක දිහා බලාගෙන ඉන්න හිතේ පුංචි පුංචි බලාපොරොත්තු ගොඩායි..


අනික මගේ කෙල්ල එයත් එක්ක ටිකක් තනිවෙන්න. එයා කතා කරනවා අහගෙන ඉන්න. එයාගේ ඇස් දිහා බලගෙන ඉන්න මට ගොඩාක් ආසයි. මගේ ජිවිතය තුල හම්බවෙච්ච ලොකුම සතුට එයා. එයාගේ අයිතිකාරයා මම කියලා හිතෙද්දීත් ලොකු ආඩම්බරයක් දැනෙනවා. කෙල්ලේ මම ඔයාට ගොඩාක් ආදරෙයි. හැම දාටම මම ඔයාගේමයි.


ඉක්මනටම මම ලංකාවට එනවා.... එකාකාරී ජිවිතයෙන් මිදිලා පොඩ්ඩක් ජිවත් වෙන්න...

3 comments:

Anonymous March 13, 2011 at 9:45 AM  

ඉක්මනින් ඇවිත් සතුටින් ඉන්න සමනලීගෙනුත් සුබපැතුම්!!!!

මුටා March 13, 2011 at 8:55 PM  

@punchisamanalee ගොඩාක් ස්තූතී.. සමනලී

sinethc March 26, 2011 at 8:34 PM  

waren waren machan ikmanata.... fa...na balan athi umba enakan ;)

Post a Comment

මම ගැන

මම කවුදැයි තවම සොයමි