ලියමි නොලියා ඉන්න බැරිකමට....

කට්ටියට කොහොමද ? ගොඩාක් දවසකින් ලියන්නත් බැරි වුනා .. වැඩ අස්සේ හිරවෙලා හිටිය නිසා.... මේ මාසය නම් මාර කට්ටක්ම තමයි.... එක තැනක හිටියේ නෑ U.A.E එක පුරාම ඇවිද්දා... හරියට කෑමක් බිමක් වත් ගන්න වේලාවක් තිබුනේ නෑ.. එචරටම වැඩ මේහේ රජය නිතියක් ගෙනල්ලා තියනවා හැම හොටෙල් එකක්ම IP Camara හයි කරන්න ඔනේ කියලා දැන් අපි ඒවා configure කර කර ඇවිදිනවා.. ජිවිතයම එකාකාරී වෙලා මාස 2කට පස්සේ නිවාඩුවක් හම්බවුනේ .. හිතුවා මගේ යාලුවෙක් ආදරය කියපු ආකාරය ඔයාලට කියන්න...

ඔන්න මගේ යාලුවයි මමයි ටියුෂන් පන්ති ගියේ එකම තැනකට.. හරියටම කියනවනම් ගාල්ල දුම්රිය පොලට ආසන්නවම තියන පන්තිය එකේ ගොඩාක් අද්දැකීම් මගේ ජිවිතයට එකතුවුනා.. හරිම සුන්දර අද්දැකීම් අතර හොඩාක් හිත රිදවන සිදුවිම් එවා ගැන මම පස්සේ දවසක කියන්නම්

කතාවෙන් කතාව කියන්න ගියපු එක අමතක වුනා

ඒදා හරියටම ඉරිදා දවසක් පන්තිය පැයකට කලින් නැවත්තුවා සර්ට හදිස්සියක් හින්දා................කට්ටියට මාර සතු‍ටුයි කොහේ හරි වලක් බැහැලා ගෙදර යන්න පුලුවන් නේ... අපි දෙන්නා අපේ බයිසිකලය ගාව ඇවිල්ලා මොකද කරන්නේ කියලා හිතාගෙන ඉන්න කොට මගේ යාලුවගේ ලමිස්සී.. පොඩි හිනා පාරක් දාගෙන ඒතනින් ගියා අපේ එකාත් නිකන් වොට් 33000 වැදුනා වගේ අන්දුන්කුන්දුන් වෙලා ගියා.... එක පාරක් නොවෙයි තුන් පාරක්ම තුන් වෙනි පාර එයා ඇස් දෙකෙන් යාලුවට පොඩි ඉගියක් දාලා ගියා .. මායි මගේ යාලුවයි.. ටක් ගාලා පාරට බැහැලා පස්සෙන් යන්න පටන් ගත්තා( මම නම් ගියේ මගේ යාලුවාගේ පස්සෙන්).. ඔන්න ඒයා ගිහිල්ලා පුස්ථකාලය රිංගුවා.. අපේ එකාත් හෙමිහිට ඇතුලට ගියා.. කෙල්ල කෙලින්ම ගියේ .. english පත්තර තියන තැනට ... ඊට එහා පැත්තේ තිබුනේ දෙමල පත්තර එපේ එකාටත් කෙල්ල ගාවට යන්න ඔනේ හින්දා මුත් ගියානේ දෙමල පත්තරය කියවන්න ... මිනිහා නිකන් දෙමල දන්න එකාවගේ ඇගට අරන් පත්තරය කියවනවා සොරි සොරි .. පින්තුර බලනවා... කොහොම හරි මිනිහා හෙමිහිට කෙල්ලව කතාවට අල්ල ගත්තා.... කෙල්ලත් හරි හරියට කයියට සෙට් වේලා.. මුන්ගේ ලව් එක වැඩිවෙලා දන්නේම නැතුව සදදය වැඩි වුනා.... මල නොන්ඩිය.. පුස්ථකාලයේ හිටපු මිස් කෙනෙක් දෙන්නවම එලියට දැම්මා..

එත් මුන් දෙන්නා ලිෆ්ට් එක ලගට වෙලා කයිය ගහනවා..... දැන් ඔක්කොම හරි ... දැන් තියෙන්නේ කැමත්ත අහන්න විතරයි මිනිහා කෙලින්ම ලගට ගිහිල්ලා ( ඔයා මට කැමතිද මං ඔයාට කැමතියි ) කෙල්ල කියනවා මට බයයි කියලා අපේ එකා ගොනා නේ මිනිහා කිවුනා (එවා වැඩක් නෑ මම ඔයාට කැමතියි ඔයා මට කැමතිද කියලා) දැන් කෙල්ල අඩන ගානට ඇවිල්ලා කෙල්ලත් කැමත්ත ප්‍රකාශ කලා....

ඔන්න ඔහොමයි ... සිද්දිය.. ඒ කාලයට යන්න පුලුවන්නම් කියලා මට හිතෙනවා හරිම සුන්දරයි

4 comments:

Anonymous June 26, 2010 at 1:20 AM  

මෙලෝ රහක් නෑ.

පිස්සා පලාමල්ල June 26, 2010 at 2:56 AM  

කෙල්ල කැමති උනු එකනේ පුදුමේ.... ඒ කාලේ නම් හය්යෝ.. මතක් වෙද්දි ඇඩෙනවා. මම ත් ඒ කාලේ කතා සෙට් එකක් ලියගෙන යනවා.
හික් හික් මුටා ගමේ කොල්ලෙක් වගේ,

Hasitha Gunasinghe June 26, 2010 at 8:00 AM  

කොල්ලා දෙමළ පත්තරෙත් කියෙව්වා එහෙමනම් :)

Riflan July 24, 2010 at 7:40 PM  

mama dannawa be yaluwa kawda kiyala....

Post a Comment

මම ගැන

මම කවුදැයි තවම සොයමි