ආදරයට මගෙන් උදවු නෑ.......................................

කට්ටියට කොහොමද , ලියන්න මොකදද කියලා හිත හිත හිටියේ .. මට එක පාරටම මතක් වුවා මම A/L කරන කාලේ සිදු වුනු සිදුවීමක් එහෙනම් අහගන්න කෝ..................... මගේ යාලුවෙක් ඉන්නවා මිනිහා A/L කරන කාලේ හරිම මනාලයා කොහේ ගියත් කෙල්ලෙක් අල්ල ගන්නමයි කල්පනාව .. කොහොම හරි මිනිහා දුක් විදලා අන්තිමට කෙල්ලෙක් සෙට් කර ගත්තා.....ඉතින් දවසක් මගේ යාලුවගේ කෙල්ල එයාව හම්බවෙන්න මිලිද්දුව බස් ස්ටැන්ඩ් එකට එන්න කියලා.. උදේ 6ට මිනිහට තනියමැ යන්න අප්සෙට් ලූ ඒ හින්දා එයාගේ ‍ෆිට් එකට මටත් එන්නලු ...උදේ 6ට හින්දා මම අදිමදි කරාම මිනිහා අඩන්න වගේ කිවුවා මට එන්න කියලා මමත් යාලුකමට එක පිලිගෙන උදේ6ට එලාම් තියාගෙන නිදාගෙන බොහොම අමාරුවේන් නැගිටිලා ලැස්තිවුනාම... අම්මා අහනවා මේ වෙලාට කොහේද යන්නේ කියලා .. මමත් ඉතින් වැඩ කරයනේ මගේ ටිකිරි මොලෙන් කල්පනා කරලා මම ඇත්තක් කියලා(හිකිස්.....) බයිසිකලයත් අරගෙන යාලුවාගේ ගෙදරට ගියා.. මිනිහා නිකම් මනාලයා වගේ ලැස්තිවෙලා හිටියා නමුත් යලුවාගේ සාක්කුවේ තිබුනේ රු50 විතරයි බස් එකේ යන්න වෙන්නේ තුන්දෙනක් නිසා එක ඇතියි කියලා හිතාගෙන ගියා බස් ස්ටැන්ඩ් එකට ඔන්න ටික වෙලාවකින් යාලුවාගේ කුමරිය බස් ටැන්ඩ් එකට සැපත් වුනා ...විනාඩි15 විතර දෙන්න චිත්‍රපටියක් රග පෑවා... ඔහොම ඉන්න කොට හායි කියාගෙන තව ලමිස්සියෝ දෙන්නෙක් බස් එකකුත් ආවා මම ඉසරහ පැත්තෙන් ගොඩ වුනා.. බස් එකට නැගලා බලද්දි සෙට් එක නෑ .. මල කෙලියයි අතේ සල්ලිත් නෑ බොහොම අමාරුවේන් එක ස්ටැන්ඩ් එකක් පහුකරලා බස් එකේන් බැහැ ගත්තා.. අනිත් බස් එකත් ආවා නෑ ... තව එකක් ආවා එකේනම් හිටියා බලනකොට තව ලමිස්සියෙක් වැඩිවෙලා එතකොට මුලු ගනන 5යි ඔන්න ගාල්ල ස්ටැන්ඩ් එකට ඇවිල්ලා කට්ටියම බැස්සා යාලුවයි එයාගේ ලමිස්සි අරගෙන හිමිහිට ලිස්සුවා... මමත් නිකන් මොකාද එකාවගේ බලන්හිටියා ... ටික වෙලාවකින් ජොඩුව අන්තරස්ධානවෙලා මම ස්ටැන්ඩ් එක වටේ කැරකෙනවා යලුවා හොයාගෙන මොකද රුපියලක් වත් සාක්කුවේ තිබුනේ නෑ ගෙදර යන්න වෙන ක්‍රමයකුත් නෑ විනාඩි තිහකට පස්සේ පොත් කඩයකින් දෙන්නා මතුවුනා.....


කෙල්ල ටටා කියලා පංතියට ගියා.. මම මගේ යලුවාගෙන් ඇහුවා මෙච්චරවෙලා මොකද කලේ කියලා මිනිහා දුන්නු උත්තරයට මට .... ඌව මරාගෙන කන්නමයි හිතුනේ කෙල්ලට පැනක් ගන්න ඔනේ කිවුවලු විනඩි 30 තිස්සේ පෑනක් තොරලා තියෙන්නේ කොහොමද ආතල් එක.......

මම කිවුවා බඩගිනී ගෙදර යමු කියලා .. මිනිහා හරි සොක් එකට හිනාවෙලා සල්ලි නෑ කියලා කිවුවා.. මම අහුවම රු50 මොකද කලේ කියලා කෙල්ලගේ යාලුවන්ටත් ටිකට් ගත්තලු..

ඊට පස්සේ මගේ යලුවෙක්ගේ හොටෙල් එකක් තියනවා ගාල්ල කො‍ටුව ඇතුලේ එකට පා ගමනින් ගිහිල්ලා රු20 අරගෙන ආයිමත් ගාලු ඇවිල්ලා ගෙදර ගියේ ....
මම මිනිහට කිවුව්වා උබ මගේ කකුල් දෙක අල්ලලා වැන්දත් මිට පස්සේ උබේ ලවු ගමන් වලට මම එන්නේ නෑ කියලා............................................................

තව හොඩාක් තියනවා එකින් එක කියන්නම් කෝ

7 comments:

G Welivitigoda May 9, 2010 at 7:00 AM  

:)

දිල් May 9, 2010 at 7:04 AM  

හික්ස්...මාර වැඩේ....ඉදලා හිටල යාලුවෙක් වෙනුවෙන් පරිප්පුවක් කෑවමත් ෂෝයි නේද...

ජංජාල චාමර May 9, 2010 at 7:10 AM  

කතාවෙන් ගත යුතු ආදර්ශය - යහළුවන්ගේ පරිප්පු නැව් බෑමට යනවිට,සාක්කුවේ හදිසියට ගැනීමට කීයක් හරි දමාගෙන යා යුතුය!!!

සීසර් May 9, 2010 at 7:35 AM  

මටනං ඔහොම කරදර වෙලා නෑ.. හැබැයි ඉතින් හිටි පිළිමයක් වගේ පැත්තකට වෙලා ඉන්න ක‍ටුනං කාලා තියෙනවා

මිත්‍රයා May 9, 2010 at 7:51 AM  

කතාවෙන් ගත යුතු ආදර්ශය - යහළුවන්ගේ පරිප්පු නැව් බෑමට යනවිට,සාක්කුවේ හදිසියට ගැනීමට කීයක් හරි දමාගෙන යා යුතුය!!!

නමුත් එය යාලුවා දැනගත් විට එම මුදල ද නැතිවේ....

ඉලංදාරියා May 9, 2010 at 9:12 AM  

සිරාවටම් ජිවිතය කියන්නේ..මෙකයි..ම්චං..... දිගටම ලියන්න.........

Amila Chathuranga May 9, 2010 at 9:45 AM  

මේක මම කපුවට ගිහින් උන වැඩක්...
ඉන්:ඔයා මෙයාට කැමතිවෙන්න හොඳ කොල්ල.....(විස්තර ගොඩායි හොඳට )
මනෝ:(යම්තම් හිනාවෙලා පොඩ්ඩක් මගෙ දිහා බලල )
මට කෙනෙක් ඉන්නව අයියා....
ඉන්:අවුලක් නෑ එතකොට 2ය් මම ලඟදි ඒ වාගෙ ෆිල්ම් එකකුත් දැක්ක..බලන්න මූ අඬන තරම...
මනෝ:ඔයාට පිස්සුද??/
කෙල්ල බැස්ස ම්ම වරුවක් බැනුම් ඇහුව යාලුවගෙන්...
කෙල්ල නම් තාමත් මම එක්ක හිනා වෙනව අවුරුදු 6කට පස්සෙත්....හමු උන වෙලාවට

Post a Comment

මම ගැන

මම කවුදැයි තවම සොයමි