අහිංසකීට ආදරෙන්

අහිංසකීට ලියන වග නම් ඔයා මගේ හිත ගොඩාක් රිද්දුවා... එත් මම ඔයා එක්ක තරහා නෑ.. ඔයා දන්නවද මම අබු දාබි ආවට පස්සේ එක සැරයක් වත් ගෙදරට phone කරේ නෑ නමුත් පුලුවන් හැම විටම මම ඔයාට sms එකක් යැවුවා... මොකද මට ගොඩක් වැඩ තියනවා ලබන මාසේ 10ට කලින් මට බාර දිපු සයිට් ටික ඉවර කරන්න ඔනේ.. සමහර දවස්වලට මම දවල්ට කන්නේ නෑ වැඩ අස්සේ හිරවෙලා. සමහර දවස්වලට කාමරයට එන්න රෑ එක විතර වෙනවා... මම ඔයාට කොල් කරා ඔයා පිළිතුරු දෙන්නේ නෑ. .. මට ඇත්තටම දුකයි.. මොකද දන්නවද මම ඔයාට කොච්චර ආදරේ කියලා ඔයා නොදන්න එක ගැන....


කිලෝමිටර් දහස්ගානක් ඇවිල්ලත් මට ඔයාව අමතක කරන්න බෑ.. එක තමයි මම හිතන විදියට ආදරය.................

ඔයා දන්නවද එයාපොර්ට් එකට ආපු වෙලාවේ මට ගොඩාක්ම දුක හිතුනේ ඔයා ගැන මතක් වෙලා තමයි..මම දන්නේ නෑ මිට එහා ඔයාට මම මෙක කොහොම පැහැදිලි කරන්නද කියලා..

මම ඔයාත් එක්ක තරහ නෑ මාව තෙරුම් ගන්න අහිංසකී

5 comments:

සඳුන් රත්නායක March 23, 2010 at 6:28 PM  

මචං අහිංසකී වෙනුවට මම උම්බට කමෙන්‍ටුවක් දානව......
ඒකි උම්බට පට්ටෙට ආදරේ ඇති..
එතකොට තමයි පොඩ්ඩක් මිස් වෙද්දි තරහ යන්නෙ
උම්බ කල්පනාවෙන් ඉන්දපන් තරහ ගන්න එපා
කතාකරල හෙමීට shape වෙයන්
උම්බ දැන් තනියම ඉන්න නිසා මාර විදියට කෞරුහරි හිටියනම් කියලත් හිතෙනව ඇති..
තත්වල තේරුම් ගෙන ඉන්දපන්....

පිස්සා පලාමල්ල March 23, 2010 at 11:11 PM  

ඔය කොල් කලාට උත්තර දෙන්නෙ නැහ.
එක දෙයක්.. අහින්සකී උබට කොල්.. මැසෙජ් කරනවද ?? එහෙමනම් කමක් නැහ. මගේ අහින්සකී නම් හ්ම්ම්.

Dhanushka March 25, 2010 at 6:17 AM  

කැකෑරැනු බොර දියට
සුපිපි පියුමක් විලස..
‍මෙ විශ්ම ලෝකයට
නුබ හිමිය යම් දිනෙක...

පිපෙයි නම් ‍‍මේ ලොවේ
පිරැනු මිනිසකු විලස...
නුබයි ඒ සුදු නෙලුම
බොර දියම අලුත් කල....

ජිවිතේ දුක් ගැහැට
බිද දමා නොවී සැක..
දිරිය ගනින් දිනන්නට
හැකි වේවි නිබදවම.....


ධනුෂ්ක ධනංජය නානායක්කාර (නානා)
TC Galle

මුටා March 25, 2010 at 10:55 AM  

එල කවිය හරිම ලස්සනයි.....

Anonymous March 25, 2010 at 11:00 AM  

premaya hudek mayawak kiya hagenne nubata sathyaya danunu pasuya..ethakan obata digasiri.....

...........chandu.........

Post a Comment

මම ගැන

මම කවුදැයි තවම සොයමි