නැවතත් වැලිකතරට............................................

ඔන්න මම නැවත් සුපුරුදු රාජකාරියේ.. මම අබුදාබි වලට ගොඩ බැස්ස එක ...නිකන් පරංගියා කොට්ටේ ගියාවගේ මාර ආතල් කට්ටක් කාගෙන තමයි ඔන්න එහෙනම් අහගන්න මුටා අබුදාබි වලට ගොඩ බැස්ස කතාව මට ලංකාවෙන් පිටත් වෙන්න තිබුනේ 9.30ට කටාර් එයාවේස් එකින්... මාව එක්කන් ආපු වැන් අංකල්ගේ තදියමට මිනිහා මාව 2.00ට ගාල්ලෙන් අරගෙන ආවා මෙන්න බොලේ අපි 5.20ට එයාර්පොර්ට් එකේ... මොනවා කරන්නද කෙලින්ම පාර්කින් එකට දාලා මිනිහා නිදාගත්තා මම මොනවා කරන්නද මම මගේ සුපුරුදු හිතවතා අවදිකලා(ලැප්ටොප් එක හරිද වැරදියට හිතන්න එපා) මෙන්න බොලේ මම ලැප්ටොප් එක ඔන් කරගෙන ගත්තා විතරයි ඒතන හිටපු කට්ටිය(නිළ ඇදුම් ඇදගත්ත කට්ටිය) මගේ ගාවට ලංවුනා ඒගොල්ලො හිතුවද දන්නේ නෑ මම කොටියෙක් කියලා(හිකිස් )මමත් ගනන් ගන්නේ නැතුව මගේ වැඩේ කරගෙන හිටියා.. පොඩ්ඩ්ක් මගේ දිහා බලලා ඒගොල්ලන්ටම එපාවේලා මගේ ගාවින් ඈත් වුනා...

ටික වෙලාවකින්(6.45ට) ඔන්න එයාපොර්ට එකේ කොහමහරි හරිකට්ටක් කාගෙන ගුවන් යානයට ගොඩවුනා .. හොද කැලිටිකක් තමයි අපිව පිලිගත්තේ වැරදිකියන්න බෑ අපිටනම් හොදින් සැලකුවා.. පැය 5.30 පස්සේ දොහා වලට බැස්සුවා... මට අබු දාබි වලට ෆ්ලයිට් එක තිබුනේ 5.30 කොහොමහරි පු‍ටුවක් රත් කරගෙන හිටිය හිටියා..බලනකොට flight එක විනාඩි 45 පරක්කුයිලු...මොනවා කරන්නද බොහොම අමාරුවෙන් 8.30 විතර ගොඩබැස්සා.. විසා එක ගන්න ගියාම මගේ විසා එක කවුන්ටරේ නෑ ... විසා නැතුව පැය දෙකක් බලාගෙන හිටියා..


කොහොම හරි විසා එක ලැබුනා කියමුකෝ ... මගේ බැග් ටික full check කරා... ඊට පස්සේ මගේ ලැප්ටොප් බැග් එක ... check කරපු රේගු කාරයා මගෙන් අහනවා උඹ ගාව සොෆ්ට්වෙයා cd තියනවද කියලා මම නෑ කියලා කිවුවම මගේ ලැප්ටොප් එක බැලුවා බොහොම අමාරුවෙන් තමයි හිරේ වැටෙන්න නැතුව බෙරුනේ ...(හිකිස්)

4 comments:

දුකා March 18, 2010 at 2:35 AM  

aha . . . Abu Dhabi walata saadarayen pili gananwaa. . . mamai hada gee poth liyana tissa ayyai dennama mehe abu dhabi thamai male danata inen . . ela ela . . onna ape godata tawa ekek ekatu wunaa. ..

Gayan Tharaka March 18, 2010 at 3:34 AM  

සීඩී මොකටද හාඩ් එකේ තියෙන ඇතිනේ.

එහෙනං කස්ටිය සෙට් වෙන්න හදන්නේ. උඹට තනියක් දැනෙන එකක් නෑ. :D

Cool Cartoon March 18, 2010 at 4:42 AM  

අහා දකුනෙ කොල්ලෙක්. ගාල්ලෙ කොහිද උබ ?

දුකා : උබ ලන්කාවෙ නෙමේද බන් ඉන්නෙ ?

Anonymous March 18, 2010 at 8:47 PM  

hoda hoda keep it up...ape ekek nowa apita ne adambara.....

Post a Comment

මම ගැන

මම කවුදැයි තවම සොයමි