අද නම් මම ගොඩක් දුකින් ඉන්නේ......... මම දන්නේ නෑ මගේ අහිංසකී ආදරය ලැබෙන එකක් නෑ.. මම අද පංතියට ගියා , ගියේ නම් එයාව බලන්නත් එකක් තමයි. මට එවෙලාවේ නම් හිතුනේ නෑ .. මිට පස්සේ එයාව බලන්න යන්න වෙන එකක් නෑ කියලා.. මට හිතා ගන්න බෑ මොකද්ද කරන්නේ කියලා . මම කියන්නම්කෝ ඇත්තටම මොකද උනේ කියලා........ එයා මට ආදරේ නෑ........... මම හිතනවා එයා මට ආදරය කරන්නේ නැත් නම් මම මොකටද එයාට කරදර කරන්නේ කියලා..මම එයාට ඇත්තටම ආදරේ කරා මම කවදාවත් එයාට කරදරයක් වේන්නේ නෑ... අනික අහිංසකී මම ඔයාට කිවුවේ මට ආදරය කරන්න නෙවේයි.. ඔයා මට කැමති නම් මට කියන්න මම ඔයාගේ දෙමාපියන් ගෙන් ඇවිල්ලා අහන්නම් කියලා.. ඔයා මට කැමති නෑනේ ඔයාගේත් වරදක් නෑ මොකද මම ෂාරුක් කාන් නෙමේයි නේ එක සැරේට පැනලා කැමති වේන්න... අනික අහිංසකී මම දන්නේ නෑ කොහොමද ආදරය කියන්න ඔනේ කියලා මොකද මම මිට කලින් ආදරය කරලා නෑනේ ... සමහර විට මම ආදරය කියපු විදිය හරි නැතිව ඇති...
තව ටිකකින් වැදගත් දෙයක් අමතක වේනවා............. අහිංසකී . මගේ අතින් ඔයාට මොන යම් හෝ ආකාරය වැරද්දක් සිදු වුනා නම් මම ඔන්න ඔයාගේන් සමාව ඉල්ලනවා මගේ මුලු හදවතින්ම (මට සමාවේන්න අහිංසකී)
මම තිරණය කරා ඉක්මනටම රට යන්න බොහෝ විට මම මේ ඉරිදා මේහෙන් යන්න හිතා ගෙන ඉන්නවා...
මගේ ජිවිතය තුල ගොඩක් පරාජයන් ... ගොඩක් හිත් වේදනා ඇති වේලා තියනවා එවට මම කොහොම හරි මුහුණ දුන්නා ..මේකට මට මුහුණ පුලුවන් මට හිතන විදියට ලොකයේ තියන ගෞරවනීය පරාජය තමයි ආදරයෙන් පරාද වීම..(හිකිස් මට හිතන විදියට හොදද)
අන්තිමට එක වචනයක් වත් මගේ යාලුවෝ ගැන නොලිවුවොතින් එක ලොකු අඩුවක් වේවි
යලුවොනේ ඔයාලා දුන්න උදවු වලට බොහොම ස්තුති... ඔයාලා වගේ යාලුවෝ හම්බවෙන්න පින් කරලා තියෙන්න ඔනේ මං වෙනුවෙන් කරපු හැම දේටම මම නැවතත් ස්තුතී කරනවා .. අපේ යාලුකම හැමදාම තියෙන්න ඔනේ ..
මගේ බ්ලොග් එක කියවලා මට සුබ පතලා comments දාපු හැමෝටම බොහොම ස්තුතී..... මිට පස්සේ මගේ බ්ලොග් එකේ ආදර ගැන නම් ලියවේන එකක් නෑ නමුත් මගේ ජිවිත කතාව නම් ලියනවා............. හා හා
අහිංසකීගෙන් මම හරිම අහිංසක විදියට සමුදෙනවා ඔයා කොහේ හිටියත් හොදින් ඉන්න තව එකක් මම ඔයත් එක්ක තරහා නෑ
අද නම් ගොඩාක් අප්සෙට් එකෙන් ලියුවේ ගොඩාක් වැරදි ඇති සමාවේන්න
ඇරඹුම කදුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර නැති නිසා
අවසානයට පෙර ඈ ගියා ....
දුක්බර කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා
අරුත පබදින්නට මට කියා
අවසානයට පෙර ඈ ගියා.........
ශෝකාන්තය එන තුරා
එහි රැදෙන්නට සිත් නැති නිසා
අනන්තය ලග මා තියා
අවසානයට පෙර ඈ ගියා............
සිහිනෙන් දුටු රුව .. සැබවින්ම සිහිනයක් පමණක් විය........
Posted by
මුටා
Wednesday, March 10, 2010
Labels: පුද්ගලික
8 comments:
මචෝ ඹචිචර ඉක්මනට පරාඡය පිලිගන්න ඵපා ,........ තව ටිකක් ඉවසල බලමු. ඉවසීමෙන් සැනසීම ලැබෙනවලු නෙ. උත්සාහය තලින් තමයි අපිට ඉදිරියට යන්න පුලුවන් වෙන්න්.
පිස්සුද බන් ඔය වගේ දේවල් වලට අප්සට් වෙන්න එපා.........
ජීවිතේ තව ගොඩක් දුර යන්න තියෙනව ඒවට මුහුණ දෙන්න උඹට පුලුවන් මේක උඹේ ජීවිතයට ශක්තියක් කර ගනින්
උඹේ ආදරය තේරුම් ගත්ත දවසට අහින්සකී උඹට හිමි වේවි එතකන් ටිකක් ඉවසපන්
@ලහිරු මචං ආදරයේ පාරජය කියන්නේ මම හිතන විදියට ගෞරවනීයම පරාජය ඒවිතරක් නොවේ ආදරයේ දී ඉවසිමේන් සැනසිම ලැබේන්නේ නෑ
@නවීන් මචං මම අප්සට් නෑ මිට වඩා ලොකු පරාජයන් වලට මම මුහුණ දිලා තියනවා.. මම නම් හිතන්නේ නෑ අහිංසකී මාව තෙරුම් ගනි කියලා
අපොයි...! එහෙම එක පාරට පරාජය බාර ගත්තාද? එහෙම නම් හරියන්නෙ නෑ ඉතින්. මුටා අහිංසකීට හරියට කිසිදෙයක් කියලා නෑ වාගේ.... අනික ගැහැණු ළමයි එක පාරට මනාපෙ දෙන්නේ නෑනේ.... තව පාරක් උත්සාහ කරන්න මුටා....
මචෝ....ඇත්තටම හිතනවානම් ඒ දේ නොලැබෙන්නේ නෑ. උඹ අය ඒ අහිංසකීගෙන් අහන්න යන්න එපා. එක එක ගෑණු ළමයා වෙනස්නේ. සමහරැ ඔබ්වියස් දේට කැමති නෑ. උඹට තියෙන්නේ ෂේප් එකේ කෙල්ලගේ හිත ගන්න එක. ඒකට හදිස්සි වෙන්න බැහැ. අපි දවසින් ගන්න තීරණ ගන්න ගෑණු ළමයෙකුට අවුරැද්දක් යනවා. ඒක නිසා කලබල නොවී හිමීට දැල එලන්න.
@සමනලී මොනවා කරන්නද සමනලී.. හරි සමනලී කියන නිසා මම තව සැරයක් උත්සහා කරන්නම්
@මිස්සක තැන්ක්ස් මචෝ මම එහෙම උඹ කියන විදියටම කරන්නම් කෝ
:-S
Post a Comment