ඔබයි නෙතු සැදූයේ හේමන්ත කාලේ

ඔන්න අදත් ගියා ටෙක් එකට අදනම් ගියේ කොහොමහරි මගේ ආදරය කියන්න හිතාගෙන එත් අදත් මම අසාර්ථකයි. දැන් කියන්නම්කෝ මොකද උනේ කියලා... අද උදෙන්ම නැගිටලා පැයක් විතර මුහුණ හොදලා .. තියල හොද ඇදුමකුත් දාගෙන .මගේ යාලුවත් එකක් පිටත් වුනා ටෙක් එකට කෙලින්ම ගියේ පංතියට .. ඔනන පංතිය හරියට ලංවෙනකොට මට දැනුනා මගේ පුරුෂ ශක්තිය හිනවේගන යන බව මට තෙරුනා කරන්න දෙයක් නෑ තියන ශක්තිය එකතුකරගෙන කෙලින්ම පංතිය ඇතුලට රිංගුවා .. ඔන්න එයා මුල්ම පෙලියේ වාඩිවෙලා හිටියා. මම සර්ගේ ඉස්සරහ පැත්තෙන් වාඩිඋනා මට එයාගේ මුහුණ දිහා බලන්න බැහැ... මොකද දන්නවද? එයාගේ මුහුණ දිහා කෙලින් බලනකොට වොට් 33000 වදිනවා වගේ(මෙක අතිශොක්තියක් නොවේ මට ඇතිවන හැගිමයි මේ) මම ගොඩාක්ම කැමති එයාගේ අහිංසක කමට එයා හරිම අහිංසකයි... ඔනන මමත් හෙමිහිට එයා දිහා බලනවා (හෙමිහිට කිවුවේ හොරෙන් හොදේ) මම මාත් එකක් ගියපු යාලුවට කියලා තිබුනා එයා මං දිහා බලනවද කියලා පොඩ්ඩක් බලන්න කියලා... යාලුවා නම් කිවුවේ වැඩේ හරි කියලා බලමු මොකද වෙන්නේ කියලා නමුත් එයාට කියන්න තරම් මට අද ශක්තියක් තිබුනේ නෑ. ඒත් මට එයාව අද දැක ගන්න ලැබුනා එක ලොකු ජයක්ග්‍රහණයක්.. .. කෙලින්ම මම එයාට කියලා එයා බෑ කියලා කිවුවොත්....... මගේ ලොකුම කේස් එක? මට එයා ආදරය කරයිද කියලා මම දන්නේ නෑ නමුත් මම නම් එයාට හැමදාම ආදරය කරයි..................


මට තිබ්බ දවස් 7න් අද එකක් ඉවරයි....................................

වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ දී
වසන්තේ ළපල්ලෙන් වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේ දී

විලාපෙන් විඩා වී ‍රැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුළාවේ
වලාවක් ලෙසින් මා ඇදෙත් දී අයාලේ
ඔබෙන් නෙතු ලැබූයේ හේමන්ත කාලේ

සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙතු සැදූයේ හේමන්ත කාලේ

- නන්දා මාලිනී

පිළිවලකට ලියාගන්න බැරිවුනා සමාවේන්න

9 comments:

Missaka March 5, 2010 at 11:13 AM  

හැම දේම හොඳින් කෙලවර වෙන්න සුබ පැතුම්.
උඹ ඇත්තටම ආදරේ කලොත් අනිවාර්යයි එයාව ලැබෙනවා මයි.

මුටා March 5, 2010 at 5:20 PM  

@මිස්සක tnx machan

Naveen March 5, 2010 at 8:07 PM  

ඔහොම යං මස්සිනා...........

මල්$han March 6, 2010 at 7:28 AM  

සුභ

බිඟූ March 8, 2010 at 4:09 AM  

Font eka poddak loku unnama kiyawanna lesi way wage ban...

මුටා March 8, 2010 at 4:49 AM  

@බිඟුවා...! mama font eka loku karannam machan

Sasha March 15, 2010 at 11:43 PM  

අයියෝ.. කියන්න තිබුනානේ.. එයා හරි අහිංසකයි..

මුටා March 19, 2010 at 4:46 AM  

@sasha කියන්න වුවමනාවකුත් තිබුනා නමුත් කියාගන්න බැරි වුනා මොනවා කරන්න ද

Dilantha September 27, 2012 at 4:06 AM  

කතාවෙයි සින්දුවෙයි මෙලෝ ගැලපීමක් නෑ..

Post a Comment

මම ගැන

මම කවුදැයි තවම සොයමි