මගේ සිහිනෙන් ඇදි රුව සැබැවින් දු‍ටුවේමි..................

අද මගේ ජිවිතයට අලුත් අර්ථයක් ලැබුනා..... කට්ටිය හිතනවා ඇති මේ කොහොමද එක වුනේ කියලා . අද මම ගියා ගාල්ලේ ටෙක් එකට මගේ පරණ සහතික ටික ගන්න .මම ගියේ තනියම නෙමෙයි මගේ සෙට් එකත් එක්ක ලබන සතියේ ආයිමත් රට යන්න ඔනේ හින්දා.. කාර්යාලයට ගිහිල්ලා බැලුවම සහතික නිකුත් කරන මිස් එතන හිටියේ නෑ.යාලුවෙක් යෝජනා කරා කැන්ටිමට ගිහින් ප්ලේන්ටි පාරක් දාන්න . ඉතින් කට්ටියම කැන්ටිමට ගිහින් ප්ලේන්ටි පාරකුත් ගහලා ගියා අපේ පංතිය බාරව හිටපු සර්ව බලන්න පංතියට ගියා.. අපේ වෙලාවට සර් පංතියේ හිටියේ නැහැ. පංතිය ඇතුලේ හිටියා අලුත් සෙට් එක.. එතන හිටියා මගේ හිතේ ඇදිලා තිබුනු රුපය................

තප්පර කිහිපයකට කොහේද ඉන්නේ කියන එකත් අමතකවෙලා ගියා එයා දිහාම බලාගෙන හිටියා. එයාට ඒක තෙරුනා එයත් මං දිහා බලලා හිනා උනා.. ඒ හිනාව වෙනුවෙන් මේලෝකයේ මට කරන්න බැරි දෙයක් නැ. කට්ටියම පංතිය ඇතුලට ගිහිල්ලා අලුත් සෙට් එකත් එකක චැට් එකට සෙට් උනා මම නම් කරේ computer එක බලනවා වගේ එයා දිහා බලාගෙන හිටපුඑක මම හිතාගත්තා එයාව කොහොම හරිමගේ කරගන්නවා කියලා, ඒ වෙලාවේම සර් ආවා ... අපේ සෙට් එක සර්ව හම්බවේලා ආයිමත් කාර්යාලයට ගිහින් සහතික අරගෙන ටෙක් එකෙන් එලියට බැස්සා.........මගේ අදහස එයාට කියාගන්න බැරිවුනා... මට මාර අප්සෙට් එක ....දැන් කොහොම හරිගේමක් දිලා එයාව හම්බවේන්න බලන්න ඔනේ........ මගේ ආදරය එයාට කියන්න ඔනේ... මටතියෙන්නේ දවස් හතක් විතරයි.......... අහෝ දෙවියනි මට උදවුකරන්න...................

සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඔයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි
මගේ ආදරි නුඔයි…..

පිලිවෙලකට ලියාගන්න බැරි උනා සමාවෙන්න ...................

2 comments:

මල්$han March 3, 2010 at 4:19 AM  

ප්‍රමාදය පසුතැවිල්ලට හේතුව කරගන්නේ නැතුව ඉක්මන් කොට කර ගන්නෙත් නැතුව නමෝ විත්තියෙන් කියන්න තමා තියෙන්නේ......සුභ........

Anonymous March 3, 2010 at 4:52 AM  

ම් ම් .... මල්සරා ගේ දුන්න මේ සැරේ හැරිල තියෙන්නෙ මුස් ගෙ පැත්තට වගේ ...වැඩි බලාපොරොත්තු එපා මල්ලියෙ පරිස්සමින්

Post a Comment

මම ගැන

මම කවුදැයි තවම සොයමි