මගේ සිහිනෙන් ඇදි රුව සැබැවින් දු‍ටුවේමි..................

අද මගේ ජිවිතයට අලුත් අර්ථයක් ලැබුනා..... කට්ටිය හිතනවා ඇති මේ කොහොමද එක වුනේ කියලා . අද මම ගියා ගාල්ලේ ටෙක් එකට මගේ පරණ සහතික ටික ගන්න .මම ගියේ තනියම නෙමෙයි මගේ සෙට් එකත් එක්ක ලබන සතියේ ආයිමත් රට යන්න ඔනේ හින්දා.. කාර්යාලයට ගිහිල්ලා බැලුවම සහතික නිකුත් කරන මිස් එතන හිටියේ නෑ.යාලුවෙක් යෝජනා කරා කැන්ටිමට ගිහින් ප්ලේන්ටි පාරක් දාන්න . ඉතින් කට්ටියම කැන්ටිමට ගිහින් ප්ලේන්ටි පාරකුත් ගහලා ගියා අපේ පංතිය බාරව හිටපු සර්ව බලන්න පංතියට ගියා.. අපේ වෙලාවට සර් පංතියේ හිටියේ නැහැ. පංතිය ඇතුලේ හිටියා අලුත් සෙට් එක.. එතන හිටියා මගේ හිතේ ඇදිලා තිබුනු රුපය................

තප්පර කිහිපයකට කොහේද ඉන්නේ කියන එකත් අමතකවෙලා ගියා එයා දිහාම බලාගෙන හිටියා. එයාට ඒක තෙරුනා එයත් මං දිහා බලලා හිනා උනා.. ඒ හිනාව වෙනුවෙන් මේලෝකයේ මට කරන්න බැරි දෙයක් නැ. කට්ටියම පංතිය ඇතුලට ගිහිල්ලා අලුත් සෙට් එකත් එකක චැට් එකට සෙට් උනා මම නම් කරේ computer එක බලනවා වගේ එයා දිහා බලාගෙන හිටපුඑක මම හිතාගත්තා එයාව කොහොම හරිමගේ කරගන්නවා කියලා, ඒ වෙලාවේම සර් ආවා ... අපේ සෙට් එක සර්ව හම්බවේලා ආයිමත් කාර්යාලයට ගිහින් සහතික අරගෙන ටෙක් එකෙන් එලියට බැස්සා.........මගේ අදහස එයාට කියාගන්න බැරිවුනා... මට මාර අප්සෙට් එක ....දැන් කොහොම හරිගේමක් දිලා එයාව හම්බවේන්න බලන්න ඔනේ........ මගේ ආදරය එයාට කියන්න ඔනේ... මටතියෙන්නේ දවස් හතක් විතරයි.......... අහෝ දෙවියනි මට උදවුකරන්න...................

සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඔයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි
මගේ ආදරි නුඔයි…..

පිලිවෙලකට ලියාගන්න බැරි උනා සමාවෙන්න ...................

12 comments:

Anonymous March 3, 2010 at 4:36 AM  

අහා.. මුටාටත් මේ දවස් වල ආදර උන්මාදේ වගේ.. හෙ හේ..

Anonymous March 3, 2010 at 4:51 AM  

ම් ම් .... මල්සරා ගේ දුන්න මේ සැරේ හැරිල තියෙන්නෙ මුස් ගෙ පැත්තට වගේ ...වැඩි බලාපොරොත්තු එපා මල්ලියෙ පරිස්සමින්

හෙළයා March 3, 2010 at 6:03 AM  

ඔහොම යමු. සුබ පතනවා වැඩේ හරියන්න කියලා.

Buddhi March 3, 2010 at 7:26 AM  

වැඩේ අල කරගෙන එහෙම ව්රහ ගීත කියන්න ලැස්තිවෙන්න එපා. වැඩේ ගොඩ දා ගන්නවනං දවස් 7 ඕනවටත් වැඩියි

Roshanherath March 3, 2010 at 8:23 AM  

සුභ පැතුම් කිව්වා මෙන්න...

Anonymous March 3, 2010 at 9:02 AM  

සමනලී‍ගෙනුත් සුභ පැතුම්....!

මුටා March 3, 2010 at 7:07 PM  

@පිස්සා මොනවා කරන්නද ඒවගේ තමා


@වත් බලන්නකෝ අක්කේ මල්සරා මට විද්දේ වෑරදිවෙලාවක නේ

@හෙලයා තෑන්කු මචන්

@බුද්ධි මමත් හිතනවා විරහ ගීත කියන්න වෙන ඒකක් නෑ කියලා
@රොශාන් තෑන්කු මචන්

@සමනලී තෑන්කු සමනලී ඔයාගේ සුබ පෑතුමට

Gayan Tharaka March 4, 2010 at 2:58 AM  

ටෙක් එක කිවුවේ ගාල්ලේ තාක්ෂණ විද්‍යාලය නේද?
ඉතිං මේල් ඇඩ්‍රස් එක සර්ගෙන් ඉල්ලගනිංකෝ

මුටා March 4, 2010 at 8:31 AM  

@ගයාන් තාරක ඔව් සර්ට කියලා හෙල්ප් එකක් ගන්න ඔනේ...............හික්ස්...

Sasha March 15, 2010 at 11:35 PM  

අහිංසකී ඔයගෙ වෙන්න අහිංසකීගේ යාලුවගෙන් සුබ පැතුම්..

මුටා March 19, 2010 at 4:43 AM  

@shsha බොහෝම ස්තුතී

Anonymous September 24, 2011 at 10:40 AM  

ahhh dan kale harine da
malkhaan

Post a Comment

මම ගැන

මම කවුදැයි තවම සොයමි